ප්‍රජනනය (REPRODUCTIVE) 03

මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ මානව අණ්ඩෝද්න්හවනය (The Human Female Reproductive System & the Process Of Oogenesis)


මානව ප්‍රජනනය, ලිංගික ප්‍රජනනයක් (Sexual reproduction) වන නිසා එකිනෙකට විරුද්ධ ලිංගිකයින් (ඒක ලිංගිකයින්) දෙදෙනෙකු එම ප්‍රජනනය සදහා අවශ්‍ය වේ. මෙහිදී පුං (පුරුෂ) ජීවියා මගින් පුං ජන්මාණු ලෙසට ශූක්‍රාණු සහ ජායා (ස්ත්‍රී) ජීවීයා මගින් ජායා ජන්මාණු ලෙසට ඩිම්බ මෙම ප්‍රජනන කාර්‍යය සදහා ලබාදීම සිදුවේ. ජායා ජීවියා මගින් ඩිම්බ ලබාදීම සදහා විශේෂණය වූ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් පවතී. මෙම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සැකසී ඇත්තේ අභ්‍යන්තර ජන්මාණු සංසේචනය සහ එම ජන්මාණු සංසේචනය මගින් සෑදුණු කළලය විකසනය වීමට හැකිවන පරිදිය.

ලිංගික ප්‍රජනනය සදහා පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ එහි ඇති විශේෂතා පිළිබඳව පෙර ලිපියක් පවතී. එය මගින් අධ්‍යනය කරන්න .

සබැඳි ලිපිය ÷

ප්‍රජනනය (REPRODUCTIVE) 02.

මානව පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ශූක්‍රාණු ජනන ක්‍රියාවලිය. (The Human Male Reproduction System & Process Of Spermatogenesis)

මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඝ්‍රෝණි කුහරය තුළ පවතිමින් මානව ශ්‍රෝණියෙන් ආවරණය වී ඇත. එය ශ්‍රෝණියෙන් ආවරණය වීමට ප්‍රධාන හේතුව වන්නේ, එහිදී එයට ඇති ආරක්ෂාකාරී බවයි.

( මෙම ශ්‍රෝණි කුහරය සහ මානව ශ්‍රෝණිය පිළිබඳව සම්පූර්ණ ලිපියක් ඉදිරිපත් කර ඇත.)

සබැඳි ලිපිය ÷

අස්ථි / BONES (05)

මානව ශ්‍රෝණි මේඛලාව (Pelvic girdle) සහ මානව අස්ථි පද්ධතියේ පවතින සන්ධි (Joints) පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම.

මෙම රූපසටහනේ පළමු කොටසින් දැක්වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පූර්ව දර්ශණයයි, එහි දෙවන කොටසින් දැක්වෙන්නේ එහිම පාර්ශ්වික හරස්කඩ දර්ශණයයි.

දෙවන කොටසේදී “Posterior” ලෙසට එහි අපර ප්‍රදේශය දක්වා ඇත.

රූපසටහනේ පද හැදින්වීම ÷

Ovary………. ඩිම්බකෝෂ

Fimbriae………….කඩරැලි

Fallopian Tube……….පැලෝපීය නාළය

Uterus…………..ගර්භාෂය

Fundus………..(ගර්භාෂයීය) බුධ්නය

Endometrium……..එන්ඩොමෙට්‍රියම

Myometrium……..මයෝමෙට්‍රියම

Cervix………………ගැබ්ගෙල / ග්‍රීවය

Vagina…………..යෝනිමාර්ගය

Uterine Tube……..ගර්භාෂයික නාළය

Vaginal Opening……..යෝනි මාර්ග විවරය

Anus……………..ගුදය

Rectum………….ගුද මාර්ගය

Anterior Fornix……….පූර්ව චාපිකාව

External Os Of uterus………ගර්භාෂයික බාහිර අස්ථිය

Posterior Fornix……….අපර චාපිකාව

Body Of Uterus…………ගර්භාෂයික දේහය

Funds Of Uterus………..ගර්භාෂයික පාදම (බුධ්නය)

Suspensory Ligament Of Ovary
ඩිම්බකෝෂ අවලම්බක බන්ධනිය

Uterine (Fallopian) Tube
ගර්භාෂයික (පැලෝපීය) නාළය

Ovarian Ligament……..ඩිම්බර බන්ධනිය

Round Ligament ……. වට බන්ධනිය

Urinary bladder……….මුත්‍රාශය

Mons Pubis………….යුනික පීඨය

Pubic Symphysis………..යුනිකාස්ථියෝගය

Clitoris……….භගමණිය

Urethra……….මුත්‍රා මාර්ගය

Urethral Opening………මුත්‍රාමාර්ග විවරය

Labia majora……….ගරීය අධරය

Labia minora……….කනීය අධරය

Vestibule Of Vagina………..යෝනි මාර්ග ආලින්දය

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පවතින විවිධ කොටස් එක් එක් කාර්‍යයන් සදහා විශේෂණය වී ඇත. එම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ විශේෂ කොටස් පහත පරිදි වේ.

1 . ඩිම්බකෝෂ ( Ovaries )

2 . පැලෝපීය නාළය/ ඩිම්බ ප්‍රනාලය/ ගර්භාෂයික නාළය ( Uterine tubes )

3 . ගර්භාෂය ( Uterus )

4 . යෝනිමාර්ගය ( Vagina )

මෙම ප්‍රධාන කොටස් වල එක් එක් ලක්ෂණ පිළිබඳව හදාරමු,

1 . ඩිම්බකෝෂ ( Ovaries ) ÷

යුගලක් දරයි. ආමන්ඩ් හැඩතිය. ඩිම්බකෝෂයන් ශ්‍රෝණියේ පාර්ශ්වික බිත්තියට සහ ගර්භාෂයික බිත්තියට ඩිම්බර බන්ධනී (Ovarin Ligament) මගින් සම්බන්ධ වී ඇත.

20190110_231009

මෙම රූපසටහන මගින් පෙන්නුම් කරනුයේ එක් ඩිම්බකෝෂයක හරස්කඩ ව්‍යුහයයි ( The Structure of Overies ).

රූපසටහනේ පද හැදින්වීම ÷

Tunica albuginea ……………. ශ්වේත චෝලය

Primary follicles ……………….ප්‍රාථමික ස්‍යුනිකා

Cortex……………………………… බාහිකය

Oocyte ………………………..අණ්ඩ සෛලය

Granulosa Cells …………….කනිකා සෛල

Secondary follicle ………ද්වීතියික අණ්ඩ සෛලය

Mesolarium and blood vessels
ඩිම්බකෝෂ බහන සහ රුධිරය වාහීනී

Vesicular (Graafian) follicle …………ග්‍රාපී ස්‍යුනිකා

Zona pellucida ……………….පෑදී කලාපය

Ovulated Oocyte …………………මෝචිත ඩිම්බය

Corona radiata …………………අරීය මුකුටය

Corpus Luteum …………………පීත දේහය

Developing Corpus Luteum
සංවර්ධන වන පීත දේහය (පරිහානී වන පීතදේහය)

Medulla ……………………….මජ්ජාව

Degenerating Corpus Luteum ( Corpus albicans ) ශ්වේත දේහය

Ovarian Ligament ………………ඩිම්බර බන්ධනිය

Primordial follicles ………………මූලාකෘතික කූපය

Germinal epithium ……….ජනක අපිච්ජද පටකය

මෙම ඩිම්බකෝෂය දිගැටිය, පැතලි සහ ආමන්ඩ් හැඩතිය. එහි පිටතින්ම ජනක අපිච්ජදය (Germinal epithelium) පවතී. එය සරල ඝණාකාර අපිච්ජද පටකයකින් සෑදී ඇත. මෙම ජනක අපිච්ජදයට අභ්‍යන්තරයෙන් පංජරය (Stroma) පවතී. මෙම පංජරය ප්‍රධාන කොටස් දෙකකින් ( 02 ) යුක්තය.

1 . බාහිකය ( Cortex )

2 . මජ්ජාව ( Medulla )

පංජරයේ පිටතින්ම බාහිකය (Cortex) පවතින අතර ඊට අභ්‍යන්තරයෙන් මජ්ජාව (Medulla) පිහිටයි.

බාහිකය (Cortex) තුළ, විවිධ විකසන අවස්ථාවන්ට අදාළ ස්‍යුනික අවස්ථාවන් වන ප්‍රාථමික ස්‍යුනිකා (Primary follicles), ග්‍රාපීය ස්‍යුනිකා (Vesicular follicles) පවතින අතර මීට අමතරව පීත දේහය (Corpus luteum), ශේවේත දේහය (Degenerating Corpuslutenum) සහ ඝණව ඇසිරුණු සම්බන්ධක පටක පවතී.

මජ්ජාව (Medulla) තුළ, රුධිර වාහීනී (Blood vessel), ස්නායු සහ ලිහිල් සම්බන්ධක පටක පවතී.

ප්‍රාථමික ස්‍යුනිකා (Primary follicles) ÷

ප්‍රාථමික අණ්ඩ සෛලය (2n) සහ එය වටකරම්න් තනි ස්‍යුනික සෛල ස්ථරයක් පවතී.

ග්‍රාපීය ස්‍යුනිකා (Degenerating Corpuslutenum)÷

මුල් අවස්ථාවේදී පැවති ද්වීගුණ ප්‍රාථමික අණ්ඩ සෛලය පළමු ඌනනය විභාජනයට ලක්වෙම්න් මෙහිදී ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය සෑදේ. මෙම ද්වීතියික අණ්ඩ සෛලය සහ තරලය පිරි ස්‍යුනික කුහරයක් වටකරමින් මෙහිදී ස්‍යුනික සෛල ස්ථර කිහිපයක් පවතී. මෙම පවතින ස්‍යුනික සෛල මගින් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීමක් සිදුවේ.

පීත දේහය (Corpus Luteum) ÷

ද්වීතියික අණ්ඩ සෛලය, ඩිම්බය ලෙසට ඩිම්බ කෝෂයෙන් මුක්තවූ පසුව ග්‍රාපීය ස්‍යුනිකා සෛල ස්ථර මගින් මෙය සෑදේ. මෙය ග්‍රන්ථිමය සෛල වලින් සමන්විතය, කහ පැහැතිය. මෙහි මධ්‍යයේ කුහරයක් සහිතය.

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන සංස්ලේෂණය සදහා මෙය ක්‍රියාකරයි. වැඩිවශයෙන් මෙමගින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සංස්ලේෂණය කරයි.

ශ්වේත දේහය (Degenerating corpuslutenum)÷

පීත දේහය ක්‍රමයෙන් ශ්වේත දේහය බවට පත්වීමක් සිදුවේ. මෝචනය වූ ඩිම්බය ශූක්‍රාණුවක් මගින් සංසේචනය නොවීමේ ප්‍රථිඵලයක් ලෙසට මෙය ඇතිවේ.

ජනක අපිච්ජදය (Germinal epithelium) ÷

මෙය සරල ඝණාකාර අපිච්ජද තනි සෛල ස්ථරයකින් යුක්ත වේ. උපතේදී ප්‍රාථමික ස්‍යුනිකා සෛල මිලියන දෙකක් පමණ ඩිම්බකෝෂයේ පවතී. මෙම ජනක අපිච්ජදයේ පවතින මූලික ජන්මාණුක සෛල, භ්‍රෑණ විකසනය සමග අනූනන විභාජනයට ලක්වී පළමුව අණ්ඩ මාතෘ සෛල බවට පත්වී පසුව ප්‍රාථමික අණ්ඩ සෛල බවට විකසනය වේ.

2 . පැලෝපීය නාළය/ ඩිම්බ ප්‍රනාලය/ ගර්භාෂයික නාළය (Uterine tubes) ÷

නාලාකාර වේ, මෙහි ද්විත්වයක් අන්තර්ගත වේ. පක්ෂ්මධර අපිච්ජද පටකයක් මගින් මෙය ආස්තරණය වී ඇත. පැලෝපීය නාළ වල අවිදුර කෙළවර ගර්භාෂය (Uterus) සමගද විදුර කෙළවර ඩිම්බකෝෂ (Ovaries) සමගද සම්බන්ධ වේ. ඩිම්බකෝෂ අසලදී මෙහි කෙළවර පුනීලාකාර වන අතර එහි දී ප්‍රසර වැනි කඩරැලි (Fimbriae) දැකගත හැකිය, එමගින් සිදුකරනුයේ මෝචනය වූ ඩිම්බය පැලෝපීය නාලය වෙතට ඇදගැනීමක් වේ.
picsart_01-09-10.25.45

මෙම රූපසටහනෙන් පෙන්නුම් කරනුයේ ඩිම්බකෝෂය තුළ පරිණත වූ ද්වීතියික අණ්ඩ සෛලය, පැලෝපීය නාළය තුළට මෝචනය වන ආකාරයයි.

පහළින් ඇති කුඩා රූපසටහනෙන් දැක්වෙන්නේ මානව ශ්‍රෝණිය තුළ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පවතින ආකාරයයි.

රූපසටහනේ පද හැදින්වීම ÷

Uterine tube
ගර්භාෂයික නාළය/ ඩිම්බ ප්‍රනාලය/ පැලෝපීය නාළය

Secondary Oocyte
ද්වීතීයික අණ්ඩ සෛලය

Zona Pellucida ……………පෑදි කලාපය

Corona radiata ………………..අරීය මුකුටය

First Polar body ……………..පළමු ධ්‍රැවීය දේහය

Follicular Fluid ……………………ස්‍යුනික තරලය

Primary Oocyte …………..ප්‍රාථමික අණ්ඩ සෛලය

Follicular Cells ………………….ස්‍යුනික සෛල

Ovary ……………………….ඩිම්බ කෝෂය

Primary follicle ……………….ප්‍රාථම්ක ස්‍යුනිකා

Primordial follicale
මූලික ජන්මාණුක සෛලය

Ovulation ………………………මෝචනය වන ඩිම්බය

Corpus albicans ………………පීත දේහය

Corpus luteum…………………ශ්වේත දේහය

ඩිම්බය මෝචනය වූ විට පැලෝපීය නාලයේ පවතින කඩරැලි (Fimbriae) මගින් එය තුළට ඩිම්බය ඇතුළු කර ගැනීමක් සිදුවේ. එසේ ඇතුළු කර ගනිමින් එය ගර්භාෂය කරා පරිවහනය කරවයි. මෙහිදී ශූක්‍රාණුවක් සමග සංසේචනය වීම හෝ නොවීම සිදුවිය හැකිය.

යෝනි මාර්ගයෙන් ඇතුළු වූ ශූක්‍රාණුව ගර්භාෂය ඔස්සේ පැලෝපීය නාලය වෙතට පැමිණෙමින් පැලෝපීය නාලයේ විදුර අන්තයේ අවසාන 1/3 ක ප්‍රදේශයේදී මෙම ඩිම්බය සමග සංසේචනය (Fertilization) වේ. මෙසේ සංසේචනය වූ පසුව “යුක්තානුව” (Zygote) සෑදේ. මෙම යුක්තානුව අනූනන සෛල විභාජනයට ලක්වී සෛල කිහිපයක් සහිත “මොරුලාවක්” (Morula) සෑදේ. මෙම මොරුලාව පැලෝපීය නාලය තුලින් ගර්භාෂය වෙතට පරිවහනය කිරීමක් සිදුවේ.

මුලින්ම පැලෝපීය නාලය තුළින් ගමන් කරන ඩිම්බය මෙන්ම සංසේචනයක් වූ පසුව ගර්භාෂය දෙසට ගමන් කරන මොරුලාව ද ගමන් කරනුයේ පැලෝපීය නාල ආස්තරණයේ වූ පක්ෂ්ම වල පක්ෂ්මීය ක්‍රියාවන් සහ ක්‍රමාකුංචන චලනයන් නිසාය.

fertilisation-4

මෙම ත්‍රිමාණීය නිර්මාණය (3D) මගින් දැක්වෙනුයේ ඩිම්බය සහ ශූක්‍රාණුව පැලෝපීය නාලය තුළදී සංසේචනය වන අවස්ථාවකි. ඉහතින් දැක්වූ කරුණු සමග මෙම නිර්මාණට සංසන්දනය කරන්න.

(රතු පැහැයෙන් ඩිම්බය සහ කළු පැහැයෙන් ශූක්‍රාණුව මෙහිදී නිරූපණය වේ.)

3 . ගර්භාෂය (Uterus) ÷

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පවතින විශාලතම අවයවය වේ. මෙය පේශිමය, කුහරමය අවයවයක්. පෙයාර්ස් හැඩති වේ. ගැබ් ගෙල ඔස්සේ යෝනි මාර්ගයට විවෘත වේ. අධරීයව ගැබ් ගෙල (Cervix) පටුව පිහිටයි.

x2604-u-10

රූපසටහනේ දැක්වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ගර්භාෂය ආශ්‍රිත විස්තරාත්මක නිරූපණයකි.

රූපයේ පද හැදින්වීම ÷

Fundus ……………………….ගර්භාෂයික බුධ්නය

Body ………………………………ගර්භාෂයික දේහය

Ovary …………………………….ඩිම්බකෝෂ

Endometrium ……………………එන්ඩොමෙට්‍රියම

Myometrium ……………………….මයෝමෙට්‍රියම

Perimetrium …………………………පෙරිමෙට්‍රියම

Internal Os …………………………අභ්‍යන්තර අස්ථිය

Cervix …………………………….ගැබ් ගෙල / ග්‍රීවය

External Os ………………………බාහිර අස්ථිය

Vagina ……………………………..යෝනි මාර්ගය

Borad ligament …………………පුළුල් බන්ධනිය

Uterus ………………………………ගර්භාෂය

Fimbriae ………………………….කඩරැලි

Uterine tube ……………………පැලෝපීය නාළය

ගර්භාෂ බිත්තිය ප්‍රධාන ස්ථර තුනකින් (03) යුක්තය. ඒවා බාහිර සිට අභ්‍යන්තර දෙසට මෙලෙස වේ,

1 . පෙරිමෙට්‍රියම (Perimetrium)

2 . මයෝමෙට්‍රියම (Myometrium)

3 . එන්ඩොමෙට්‍රියම (Endometrium)

පෙරිමෙට්‍රියම (Perimetrium), ගර්භාෂයික බිත්තියේ බාහිරින්ම පවතී. එය තන්තුමය සම්බන්ධක පටකයක් වේ.

මයෝමෙට්‍රියම (Myometrium), මධ්‍ය ස්ථරය වේ. එය සිනිදු පේශී මගින් සෑදී ඇත.

එන්ඩොමෙට්‍රියම (Endometrium), අභ්‍යන්තර ගර්භාෂයික බිත්තිය වේ. මෙය සෑදී ඇත්තේ සරල ස්ථම්භික අපිච්ජද පටකයක් මගින් වන අතර එය, අරීයල පටකය මගින් ආස්තරණය වී ඇත.මෙහි නාළාකාරී ග්‍රන්ථ සහ රුධිර වාහීනී බහුලය. එමනිසා, ශ්ලේෂ්මල ඝ්‍රාවයක් ද සිදුවේ. ඔපස් චක්‍රය සිදුවන්නේ, මෙම ස්ථරය ආශ්‍රිතව වේ.

ගර්භාෂයේ කෘතය ÷

1 . මොරුලාව අධිරෝපණය කිරීම සහ දරු ප්‍රසූතිය තෙක් භ්‍රෑණය වර්ධනය කිරීම.

2 . දරු ප්‍රසූතියේදී මයෝමෙට්‍රියම සංකෝචනය කිරීම සිදුකරයි.

3 . ශිශ්නය මගින් නිකුත් කරන ශූක්‍රාණු ගර්භාෂය ඔස්සේ පැලෝපීය නාලය වෙතට ගමන් කරවයි.

යෝනි මාර්ගය (Vagina) ÷

මෙය නාළාකාර ව්‍යුහයක් වේ. බාහිර සිට අභ්‍යන්තර අවයව වලට සම්බන්ධ කිරීම මෙහිදී සිදුකරයි. මෙහි වැඩි ඝර්ෂණයන්ට ඔරොත්තු දීම සදහා ඝණාකාර අපිච්ජද පටකයක් මගින් ආස්තරණය වී ඇත. යෝනි මාර්ග විවරයට ආසන්න්නව පවතින ශ්ලේෂ්මල ඝ්‍රාවී සෛල මගින් ශ්ලේෂ්මල ඝ්‍රාවයක් සිදුකරයි.

යෝනිමාර්ගය මගින් ඉටුකරන කෘතය ÷

1 . ශිශ්නය මගින් යෝනිමාර්ගයට ශූක්‍රාණු බැහැර කරන අතර ඒවා යෝනිමාර්ගය තුළින් පැලෝපීය නාලය දක්වා පරිවහනයක් සිදුවේ.

2 . දරු ප්‍රසූතිය සදහා උපත් මඟ ඇතිකිරීම.

3 . යෝනිමාර්ගය අසල පවතින ශ්ලේෂ්මල ඝ්‍රාවී ග්‍රන්ථි මගින් නිකුත් කරන ශ්ලේෂ්මල මගින් ස්නේහන කෘතයක් ඉටුකිරීම.

4 . යෝනි මාර්ගයේ පවතින ආම්ලික ස්වාභාවය නිසා එය තුළට ඇතුළු වන බැක්ටීරියා මර්ධනය කිරීමක් සිදුවේ.

වැඩිවියට පත් ස්ත්‍රීන්ගේ යෝනිමාර්ගයේ තුළ තැන්පත් වී පවතින Lactobacillus acidophilus බැක්ටීරියාව ග්ලයිකොජන් මත ක්‍රියාකර ලැක්ටික් අම්ලය සෑදීමක් සිදුකරයි. මෙම ලැක්ටික් අම්ලය pH අගය 3.5 – 5 වන ආම්ලික පරිසරයක් යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිකරයි. එමගින් යෝනිමාර්ගය තුළට ඇතුළු වන බැක්ටීරියා මර්ධනය වීමක් සිදුවේ.

මානව අණ්ඩෝද්භවනය (Process Of Oogenesis)÷

මානව අණ්ඩෝද්භවනය යනු, ඩිම්බ කෝෂ තුළින් මූලික ජන්මාණුක සෛල වලින් ඩිම්බ/ අණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියයි. මෙය පුරුෂ ශූක්‍රාණු නිපදවීමට වඩා වැඩි දීර්ඝකාලීන ක්‍රියාවලියක් වේ. මෙම අණ්ඩෝද්භවනය ක්‍රියාවලිය ප්‍රධාන අවධි තුනකින් යුක්ත වේ. ඒවානම් ,

1 . ගුණන අවධිය (Multiplication Phase)

2 . වර්ධන අවධිය (Growth Phase)

3 . පරිණාමන අවධිය (Maturation Phase)

මෙම අව්ධි තුන පිළිවෙලින් භ්‍රෑණ අවධියේ සිටම ආරම්භ වේ.

20190108_091759

මෙම රූපසටහනෙන් දැක්වෙනුයේ ස්ත්‍රී අණ්ඩෝද්භවනය (Process Of Oogenesis) සිදුවන ආකාරය පෙන්නුම් කරන ලද සැකැස්මකි.

රූපසටහනේ පඳ හැදින්වීම ÷

Phase …………………………………අවස්ථා

Type Of Germ Cell
විවිධ ජන්මාණු සෛල වර්ග

Type Of Division ……………….විවිධ බෙදීම් වර්ග

Stage Of Oogenesis
අණ්ඩෝද්භවනයේ උප අවධි

Chromosomes ……………………..වර්ණදේහ

Multiplication Phase …………………..ගුණන අවධිය

Growth Phase ………………………..වර්ධන අවධිය

Maturation Phase ………..පරිණාමන අවධිය

Oogonium …………………….අණ්ඩ මාතෲ සෛල

Primary Oocyte …………..ප්‍රාථමික අණ්ඩ සෛලය

Frist Polar body …………………..පළමු ධ්‍රැවීය දේහය

Second Polar body ……….දෙවැනි ධ්‍රැවීය දේහයේ

Meiosis 1 ……………………..ඌනනය විභාජනය 1

Meiosis 2 ………………………..ඌනනය විභාජනය 2

Secondary Oocyte
ද්වීතීයික අණ්ඩ සෛලය

Sperm …………………………..ශූක්‍රාණු සෛලය

All degenerate
සිදුවන සියළුම පරිහානීන්

Male Pronucleus ……………..පුං ප්‍රාග්න්‍යෂ්ටිය

Female pronucleus …………..ජායා ප්‍රාග්න්‍යෂ්ටිය

Mature Ovum …………………………පරිණත ඩිම්බය

Zygote …………………………………යුක්තාණුව

Ovulation ……………………………….ඩිම්බ මෝචනය

Fertilization …………………………….සංසේචනය

Occurs each month in ovary of female after puberty
මල්වර වීමෙන් පසුව මාසිකව ඩිම්බකෝෂයේ පවතින අවස්ථා

Occurs as a result of fertilization
විවිධ අවස්ථාවන්හි සංසේචනයේ ප්‍රථිඵල

ගුණන අවධියට (Multiplication Phase) අයත් වන්නේ, ද්වීගුණ මූලික ජන්මාණුක සෛල (Primordial germ cell), අණ්ඩ මාතෘ සෛල (Oogonium) බවට පත්වීමේ අවස්ථාවයි.

වර්ධන අවධියට (Growth Phase) අයත් වන්නේ, අණ්ඩ මාතෘ සෛල (Oogonium), ප්‍රාථමික අණ්ඩ සෛල (Primary Oocyte) බවට පත්වීමේ අවස්ථාවයි.

පරිණාමන අවධියට (Maturation Phase) අයත් වන්නේ, ප්‍රාථමික අණ්ඩ සෛල (Primary Oocyte), සංසේචනයද සිදුවී පරිණත ඩිම්බය / අණ්ඩය (Mature Ovum) බවට පත්වීමේ අවස්ථාවයි.

ඉහත රූපසටහනේ තොරතුරු අංකනය කිරීම් මගින් පැහැදිලි කිරීම ÷

1 . ජායා / ස්ත්‍රී කළලය භ්‍රෑණය බවට පත්වීමේදී එහි ජනක අපිච්ජදයේ පවතින ද්වීගුණ මූලික ජන්මාණුක සෛල (Primordial germ cell), ද්වීගුණ අණ්ඩ මාතෘ සෛල (Oogonium) බවට අනූනන විභාජනයෙන් (Mitosis) පත්වේ. ප්‍රසූතියට ආසන්න වන විට මෙම ද්වීගුණ අණ්ඩ මාතෘ සෛල වලින් සමහරක් පමණක් අනූනන විභාජනයට (Mitosis) ලක්වී ද්වීගුණ ප්‍රාථමික අණ්ඩ සෛල (Primary Oocyte) බවට පත්වේ.

උපතේදී මෙම ප්‍රාථමික අණ්ඩ සෛල (Primary Oocyte) මිලියන 02 ක් පමණ පවතී.

2 . භ්‍රෑණ විකසනයේ දී සහ මුළු ලමා කාළය පුරාම, යෞවනෝදය තෙක් ඩිම්බ කෝෂ වල මෙම ද්වීගුණ ප්‍රාථමික අණ්ඩ සෛල (Primary Oocyte) වල ඌනනය 1 ප්‍රාක් කලාවේ පවතී.

3 . යෞවනෝදය ආරම්භයේදී සිටම සෑම මාසයකට වතාවක්ම ද්වීගුණ ප්‍රාථමික අණ්ඩ සෛල ඒවායේ ඌනනය 1 විභාජනය (Meiosis 1) සිදුකරමින් ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය (Secondary Oocyte) සාදයි. මෙහිදී සිදුවන අසමාකාර ප්ලාස්ම විභාජනය නිසා ඒකගුණ පළමු ධ්‍රැවීය දේහය (Frist Polar boy) සහ ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය ඇතිවේ.

4 . මෙම සෑදුනු ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය හෙවත් මෝචනය වූ ඩිම්බය (secondary Oocyte) පැලෝපීය නාලය තුළදී ඒකගුණ ශූක්‍රාණුවක් (Sperm Cell) සමග සංසේචනය (Fertilization) වූවිට, ඌනනය 2 විභාජනය සම්පූර්ණ වී ඒකගුණ පරිණත ඩිම්බය / පරිණත අණ්ඩය සහ අසමාකාර ප්ලාස්ම විභාජනය නිසා ඒකගුණ දෙවන ධ්‍රැවීය දේහය (Second Polor body) සෑදීමක් සිදුවේ.

ස්ත්‍රී අණ්ඩෝද්භවනය ආරම්භ වන්නේ භ්‍රෑණ අවධියේදී වන අතර එහි සම්පූර්ණ විකසනය වී අවසන් වන්නේ, වැඩිහිටි වියේදී ශුක්‍රාණුවක් මගින් පැලෝපීය නාලයේදී සංසේචනයෙන් පසුව වේ. මෙම භ්‍රෑණ අවධියේ පවතින ප්‍රාථමික අණ්ඩ සෛල යෞවනෝදය වන තෙක්ම සුප්තව පවතී.

අණ්ඩ / ඩිම්බ මෝචනය සහ ඒ ආශ්‍රිත හෝමෝනමය ක්‍රියාපිළිබදව කෙටියෙන් විග්‍රහ කිරීම ÷

අණ්ඩ මෝචනය යනු, ඩිම්බ කෝෂයේ පවතින ග්‍රාපී ස්‍යුනිකාවන් පුපුරා ඉන් ඒකගුණ ද්වීතියික අණ්ඩ සෛලය නිදහස් වීමේ ක්‍රියාවලියයි.

ස්ත්‍රියක් වයස අවුරුදු 12 දී පමණ වැඩිවියට / යෞවනෝදයට පැමිණේ. මෙම දිනයේ සිටම නීරෝගී ස්ත්‍රීයකගේ සෑම දින 28 කට වතාවක් අණ්ඩමෝචනය සිදුවේ. මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 – 55 වන තෙක් එනම් ,ආර්ථවහරණය වන තෙක්ම සිදුවේ. භ්‍රෑණ අවධියේ සිටම ඩිම්බකෝෂ වල ප්‍රාථමික අණ්ඩ සෛල මිලියන 02 ක් පමණ පවතින නමුත්, ආර්ථවාභාවය වන විට මේවායින් ද්වීතියික අණ්ඩ සෛල ලෙසට මෝචනය වන්නේ, ප්‍රාථමික අණ්ඩ සෛල 400ක් පමණ වේ. ඉතිරිවා පරිහානි වී යයි.

මෙසේ මෝචනය වන ඩිම්බය අසල පැලෝපීය නාලවල කඩරැලි පිහිටීම නිසා මෙම ඩිම්බය පැලෝපීය නාලය වෙතට ඇදගැනීමක් සිදුකරයි. පැලෝපීය නාලයේ පක්ෂ්ම ක්‍රියා සහ ක්‍රමාකුංචන චලන නිසා එම ඩිම්බය එය තුළින් පරිවහණය කරයි. මෙම ඩිම්බය පැලෝපීය නාළය තුලදී ශූක්‍රාණුවක් මගින් සංසේචනය වුවහොත් තවදුරටත් සෛල විකසනය වී “මොරුලාව” බවට පත්වී ගර්භාෂය තුල අධිරෝපණයක් වේ. එසේ අධිරෝපණයක් නොවුනහොත් ඩිම්බ මෝචනයෙන් දින 03 කට පසුව ඩිම්බය යෝනි මාර්ගය ඔස්සේ ඉවත් වීමක් හෙවත් ආර්ථවයක් සිදුවේ.

ග්‍රාපී ස්‍යුනිකා පිපිරීම මගින් ඩිම්බකෝෂය තුළදී පීතදේහය තැනේ. මෙම පීතදේහය කහ පැහැති, මධ්‍යයේ කුහරයක් පවතින, අන්තරාසර්ගී ග්‍රන්ථියක් වේ. පීත දේහයන් (Corpus albicans) මගින් ප්‍රොජෙස්ටරෝන් බහුල වශයෙන් සහ ඊස්ට්‍රජන් සුළු වශයෙන් නිපදවයි. අණ්ඩමෝචනයට සහ මෙම පීතදේහය සෑදීම සදහා පූර්ව පිටියුටරියෙන් ඝ්‍රාවය කරන LH හෝමෝනයෙන් උත්තේජනය කරයි.

නිකුත් වූ අණ්ඩය සංසේචනයක් නොවුනහොත් පීත දේහය පරිහානී වී අක්‍රීය තන්තුමය පටකයක් වූ ශ්වේත දේහය (Corpus Luteum) සාදයි. එනම්, ශ්වේත දේහය යනු, පරිහානී වී යන පීත දේහය වේ.

ස්ත්‍රී ඩිම්බයක ව්‍යුහය (Structure Of Female Ovulation) සහ එහි විවිධ කොටස් වල කෘතය ÷

ස්ත්‍රී ඩිමබය (Ovulation) යනු,තනි සෛලයකි. ද්වීතියික අණ්ඩ සෛලය ලෙසට හදුන්වන්නේ මෙම ඩිම්බය වේ. මෙය ඒකගුණ (n) වන අතර මාතෘ ප්‍රවේණික ද්‍රව්‍යය යුක්තානුව වෙතට ගමන් කිරීමට මෙය ක්‍රියාකරයි. මෙහි මාතෘ වර්ණදේහ 23 අන්තර්ගත වේ. අණ්වීක්ෂීය ගෝලාකාර ව්‍යුහයක් වේ.

මානව විශේෂයේ දේහයක පවතින විශාලතම සෛලය මෙයවේ. මෙහි විෂ්කම්භය මයික්‍රෝමීටර 100 – 140 ක් පමණ වේ. මානව ඩිම්බය බීජාන්‍යයෙන් තොර නිරක්ත ඩිම්බයක් වේ. එනම්, මෙහි සංචිත ආහාර නොමැත. එමනිසා, ඩිම්බය සංසේචනය වූ පසුව විකසනය සදහා පෝෂණය ලබාගැනීමට ගර්භාෂය තුළ අධිරෝපණය වීමක් සිදුවේ.

1280px-ovum_diagram.svg

මෙම රූපසටහන මගින් දක්වා ඇත්තේ මානව ස්ත්‍රී ඩිම්බයේ (Female Ovum) නිරූපණයකි.

රූපයේ පද සහ වාක්‍ය පෙළ හැදින්වීම ÷

First Polar body ………. පළමු ධ්‍රැවීය දේහය

Zona pellucida /Jelly coat
පෑදි කලාපය / ජල්ලිමය ආවරණය

Nucleus Of follicular Cell
ස්‍යුනික සෛල වල න්‍යෂ්ටිය

Corona radiata/ follicular cells……..අරීය මුකුටය

Corticle Granule ………………. බාහික කණිකා

Mitochondria …………………. මයිටොකොන්ඩ්‍රියා

Cytoplasm ………………………. සෛල ප්ලාස්මය

Haploid Nucleus ……………….. ඒකගුණ න්‍යෂ්ටිය

Contains glycoproteines that protect the inner contents of the ovum until the acrosome reaction of fertilization
පෑදි කලාපයේ ග්ලයිකොප්‍රෝටීන අඩංගු වීම නිසා ශුක්‍රාණුවේ අග්‍රදේහ ප්‍රතික්‍රියාව මගින් ඩිම්බයට ඇතුළු වන ද්‍රව්‍ය මගින් ආරක්ෂා කිරීම.

Helps prevent polyspermy
බහුශූක්‍ර ප්‍රාප්තිය වලක්වයි

Protect the inner layers of the Ovum and helps prevent Polyspermy
අභ්‍යන්තර ස්ථර ආරක්ෂා කිරීම සහ බහුශූක්‍ර ප්‍රාප්තිය වළක්වයි.

Releases enzymes during fertilization that harden the zona pellucida and digest binding proteins on sperm to prevent polyspermy after a sperm cell has entered the Ovum
සංසේචනය අවස්ථාවේදී ශූක්‍රාණුවෙන් එන්සයිම මුදාහැර පෑදිකලාපයේ ඇති ග්ලයිකොප්‍රෝටීන ජීරණය කිරීමක් සිදුකරයි. එමනිසා බහුශූක්‍ර ප්‍රාප්තිය වැලකේ.

Produces ATP Used for energy
ශක්තිය සෑදීම සදහා ATP නිපදවයි.

Contains mitochondria DNA, which is passed to Offspring
මයිටොකොන්ඩ්‍රියා තුළ DNA අඩංගු වීම සහ එහි ජනිතයන්ගේ අඩංගු වන්නේ මුල් ජනකයන්ගේ පැවති DNA වේ.

Contains Copy of each Chromsome
වර්ණදේහ වල එක් පිටපතක් පමණක් අඩංගු වේ

ඩිම්බයේ පිටතින්ම අරීය මුකුටය (Cells Of Corona radiata) පවතී. එය සෛලීය වේ. පෑදි කලාපය (Zona pellucida) දෙවනුව පිහිටයි. එනම්, එය අරීය මුකුටය සහ පරිබීජාන්‍යය අවකාශය අතර පවතී. පෑදි කලාපය අසෛලීය, ග්ලයිකොප්‍රෝටීන ස්ථරයක් වේ.

මෙම පෑදි කලාපයේ සංසේචනය වන ශූක්‍රාණු සදහා “විශේෂ ප්‍රතිග්‍රාහක” පවතී. සංසේචනයේදී පෑදි කලාපයේ පවතින මෙම විශේෂ ප්‍රතිග්‍රාහක සමග ශූක්‍රාණු බැදී එහි අග්‍රදේහයේ පවතින එන්සයිම පෑදි කලාපයට යොමු කරමින් ඒවා විනාශ කර පෑදි කලාපය සමග ශූක්‍රාණු සම්බන්ධ වේ. එහිදී සෛල ප්ලාස්මයේ “බාහික ප්‍රතික්‍රියාව” සිදුවී “බහුශූක්‍රප්‍රාප්තිය” (Polyspermy) වලක්වයි.

(මේ පිළිබඳව වැඩිදුර තොරතුරු “සංසේචන ක්‍රියාවලියේ අණ්වීක්ෂීය මට්ටම” යන කොටසේදී දැක්වේ.)

ඩිම්බයේ පෑදි කලාපයෙන් පසුව තවත් අභ්‍යන්තර දෙසට වන්නට පරිබීජාන්‍ය අවකාශය (Perivitelline Space) පවතී. එහිදී ප්‍රාථමික අණ්ඩ සෛලය (Primary Oocyte) ඌනනය 1 විභාජනය වීමෙන් පසුව සෑදෙන පළමු ධ්‍රැවීය දේහය මෙය තුළ පවතී.ධ්‍රැවීය දේහය යනු, ප්ලාස්මීය අංශූවකි.

පරිබීජාන්‍යය අවකාශයට අභ්‍යන්තරයෙන් ප්ලාස්ම පටලය හෙවත් බීජාන්‍යය පටලය (Plasmalemma, Plasmatic membrane) පවතී. මෙමගින් ඩිම්බය ආරක්ෂා කිරීමක් සිදුකරයි.

ප්ලාස්ම පටලයට ඇතුලතින් සෛල ප්ලාස්මය (Cytoplasm) පවතී. මෙය සාමාන්‍යය සෛලයකට වඩා විශාල වූ සෛල ප්ලාස්මයක් දරයි. ඝණ සෛල ප්ලාස්මයක් වේ. මෙම සෛල ප්ලාස්මය තුළ බාහික කණිකා, ලිපිඩ බිදිති ආදිය පවතී. එහිදී පවතින බාහික කණිකා මගින් එක් ශූක්‍රාණුවක් පෑදි කලාපය සමග සම්බන්ධ වූ විට “බාහික ප්‍රතික්‍රියාව” වී බහුශූක්‍ර ප්‍රාප්තිය වළක්වයි.

D.H.S.L ( කර්තෘ )

පසු සබැඳි ලිපිය ÷

ප්‍රජනනය (REPRODUCTIVE) 04

ඔපස් / ආර්ථව චක්‍රය (MENSTRUAL CYCLE) සහ මානව ආර්ථව චක්‍රයේ සිදුවන හෝමෝන පාලනය.


Facebook ඔස්සේ ” දිනපොත – DIARY ” පිටුව සමග මෙතනින් ®®® එකතු  වී නවතම ලිපි පරිශීලනය සදහා යොමුවන්න .

PicsArt_12-23-12.39.49

ප්‍රජනනය, විකසනය සහ වර්ධනය (Reproductive, Growth and Development) යන මාතෘකාව යටතේ පළවන ලද මෙම ලිපි පෙළ පිළිබඳව පාඨක ඔබේ වටිනා අදහස් අපගේ කර්තෘ මණ්ඩලයට දැනුම් දීම වඩාත් අගය කොට සලකන්නෙමු.

පහතින් ඔබගේ අදහස් එකතු කරන්න .

(රූපය Click කර එම පිටුවට යොමුවන්න.)20181228_171441

Advertisements

One thought on “ප්‍රජනනය (REPRODUCTIVE) 03

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )