සංක්‍රාන්තික ලිංගිකත්වය

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය (Klinefelter Syndrome) පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම.


ඔබගේත් මගේත් ශරීරය සහ සිතුවිලි ගමන් කරන්නේ එකම පථයක් තුළ වේ. නමුත් , උපතින්ම සිදුවූ වර්ණදේහමය වෙනස් වීමක් නිසා තමන්ගේ ශරීරයට වඩා හාත්පසින්ම වෙනස් වූ සිතුවිලි සහිත පුද්ගලයින් පිරිසක්ද සිටියි. මෙය ” ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය ”
( klinefelter Syndrome ) ලෙසට හදුන්වයි. මෙම තත්වය උපතින්ම උරුම වන වර්ණදේහ වෙනස් වීමකි. මෙම ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ වර්ණදේහමය වෙනස් වීමක් ලෙසට ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය ඇතිවන ආකාර පිළිබඳව ඇති විද්‍යාත්මක පසුබිම පිළිබඳවය.

සංක්‍රාන්තික ලිංගිකත්වය යනු, උපතේදී තමන් හට නිශ්චිත වූ ලිංගිකත්වය අභිබවා වෙනත් ලිංගිකත්වයක් කරා ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමයි.සංක්‍රාන්තික ලිංගිකත්වය සදහා බලපාන්නේ ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය නැමැති මෙම වර්ණදේහමය වෙනස් වීමයි. මෙම වර්ණදේහමය වෙනස් වීම සහිත පුද්ගලයින් සතුව ඉපදීමේදී පුරුෂ ප්‍රජනේන්ද්‍රි සහිත පුරුෂ රූපානුදර්ශයක් පවතින නමුත් , පුරුෂ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමක් සිදු නොවේ.

ද්වීතියික ලිංගික ලක්ෂණ පිළිබඳව සරලවම ඇති අර්ථකථන වන්නේ, දරුවෙකු වැඩිවියට පත්වීමක දී ඇතිවන ලිංගික ලක්ෂණයි හා ලිංගික වෙනස් වීම් වේ . ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමේදී ලිංගික පරිණතිය සිදුවී අනාගත ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීම සදහා කායිකව මෙන්ම මානසිකවද මුහුකුරා යාමක් සිදුවේ.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය පිළිබඳව හැදෑරීම සදහා “සෛලය” ( Cell ) පිළිබඳව තොරතුරු මුලින්ම දැනගත යුතුය .

ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය වන්නේ සෛලයයි. මෙය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වේ. ජීවියා තැනී ඇත්තේ මෙම සෛලයේ ක්‍රමික විකාශනයක් මගින් වේ. එය පහත අයුරින් දැක්විය හැකිය.

සෛල —–> පටක ——> අවයව ——> පද්ධති ——-> ජීවියා

පහත රූපයේ පවතින්නේ දර්ශීය සෛලයක රූපසටහනක් වේ.

tmp733025778807078913

එහි මධ්‍යයේ න්‍යෂ්ටියක් ( nucleus ) පවතී.එම න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාවක් ( nucleolus ) පවතී. සෛලයේ සියළුම ජෛවීය ක්‍රියාකාරකම් පාලනය සදහා ක්‍රියාකරන්නේ මෙම න්‍යෂ්ටියයි. න්‍යෂ්ටිය තුළ වර්ණදේහ (Chromosomes) වල පිහිටීමක් පවතී. ප්‍රවේණික තොරතුරු රදවා ගනිමින් සෛලයේ සියළුම ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට ක්‍රියාකරන්නේ න්‍යෂ්ටියේ පවතින මෙම වර්ණදේහයන් වේ.

උදාහරණයක් ලෙසට, ඔබගේ සියළුම ශාරීරික ලක්ෂණ වලට අදාල ප්‍රවේණික තොරතුරු ගබඩා කර ඇත්තේ මෙම ” වර්ණදේහ ” තුලය. ඔබගේ ප්‍රවේණික / පාරම්පරික තොරතුරු ගබඩා කර ඇත්තේ ද මෙම වර්ණදේහයන් තුලය.

මෙම පවතින වර්ණදේහයන් පවතින්නේ වර්ණදේහ යුගල ලෙසය. මානව විශේෂයේ , Homo sapiens sapiens එක් සෛලයක න්‍යෂ්ටියේ මෙම වර්ණදේහ 46 ක්, එනම් වර්ණදේහ යුගල 23 ක් පවතී. මෙම නිශ්චිත වූ වර්ණදේහ සංඛ්‍යාව මානව විශේෂයට පමණක් නිශ්චිත වූ සංඛ්‍යාවක් වේ. විශේෂය වෙනස් වන විට මෙම න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ සංඛ්‍යාවත් වෙනස් වේ. එමනිසා, කිසියම් හෝ විශේෂයක් හදුනා ගැනීමේ “ඇගිලි සලකුණ” ලෙසට සෛලයක පවතින වර්ණදේහ සංඛ්‍යාව හදුන්වයි.

නමුත් , ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය වැනි විශේෂිත වර්ණදේහ විකෘති අවස්ථා වලදී මෙම වර්ණදේහ ප්‍රමාණය වෙනස් විය හැකිය.

chromosome

ඉහත රූප සටහන මගින් එම වර්ණදේහයක් රූපීයව නිරූපණය කරයි.

මෙම වර්ණදේහයන් තැනී ඇත්තේ DNA අණු වලින් සහ හිස්ටෝන ප්‍රෝටීන වලින්‍ ය. සෑම වර්ණදේහයකම DNA අණු යුගලක් පවතී. DNA යනු , ද්විත්ව හේලීක්සීය ව්‍යුහයක් වන අතර එය සර්පිලකරණයට ලක්වී ඇත. වර්ණදේහයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබන්නේ මෙම DNA තුලය. නයිට්‍රජනීය භෂ්ම අනුපිළිවෙල අනුව මෙය තීරණය වේ.

මෙම රූප සටහනේ දක්වා ඇත්තේ DNA අණු හිස්ටෝන ප්‍රෝටීන සමග එක්ව , වර්ණදේහ තුල පවතින ආකාරය හා එම වර්ණදේහ සෛලයේ න්‍යෂ්ටිය තුළ පවතින ආකාරයයි. මෙහි DNA අණුවේ කිසියම් හෝ ස්ථාන දෙකක් අතර පවතින ” ජාන ” නිරූපණය කර ඇත.

වර්ණදේහ මගින් අපගේ අලිංගික ලක්ෂණ මෙන්ම ලිංගික ලක්ෂණ යන දෙකම තීරණය වේ. සෛලයක අලිංගික ලක්ෂණ තීරණය කරන අලිංගික වර්ණදේහ යුගල 22 ක් පවතින අතර ලිංගික ලක්ෂණ තීරණය කරන ලිංගික වර්ණදේහ යුගල 01 ක් පවතී .

සෛලයක මෙම අලිංගික වර්ණදේහ යුගල 22 සහ ලිංගික වර්ණදේහ යුගලය පවතින ආකාරය රූපීයව පමණක් පහතින් නිරූපණය කර ඇත.

human-karyotype-567a11785f9b586a9e838782

දේහයේ උස, සමේ පැහැය, ඇස් වල වර්ණය වැනි අලිංගික ලක්ෂණ තීරණය කිරීමක් අලිංගික වර්ණදේහ මගින් සිදුවේ .

ඉපදීමත් සමග හා ද්වීතීයක ලිංගික ලක්ෂණ ඇතිවන විට ස්ත්‍රී, පුරුෂ භාවය යන ලිංගික ලක්ෂණ ඇතිකිරීම සදහා ලිංගික වර්ණදේහ යුගලය මගින් තීරණය කිරීමක් සිදුකරයි.මෙම ලිංගික වර්ණදේහ වල විවිධ වූ ව්‍යුහමය හා කෘත්‍යමය වෙනස් වීම් අනුව ඒවා එකිනෙකින් X හා Y ලෙසට වෙන් කරනු ලබයි.

ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ඔබගේ ලිංග වර්ණදේහ යුගලය XY ලෙසට හැදින්විය හැකි අතර ඔබ කාන්තාවක් නම් ඔබගේ ලිංග වර්ණදේහ යුගලය වන්නේ XX වේ.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණ (klinefelter Syndrome ) තත්වය ඇතිවන්නේ වර්ණදේහ මත නිසා, එය නිර්ණය වන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ වර්ණදේහ පිළිබඳව තීරණය වන ඩිම්බ හා ශූක්‍රාණු සංසේචන අවස්ථාවේදී ය. එම නිසා, මුලින්ම ලිංගික වර්ණදේහ සහිත සෛල විභාජනය වී ශූක්‍රාණු හා ඩිම්බ සෑදී මානව විශේෂයේ සරු ප්‍රජනනයක් සිදුවන ආකාරය පහත ප්‍රවේණික සටහන මගින් අධ්‍යනය කරන්න.

20181114_075732

පිරිමි සහ ගැහැණු මාතෘ ජීවීන් ජනකයන් (P1) නම්වේ. පිරිම්න්ගේ ලිංගික වර්ණදේහ යුගලය XY හා ගැහැණුන්ගේ ලිංගික වර්ණදේහ යුගලය XX වේ. සෛල විභාජනය වීමේදී ඒක ගුණ ජන්මාණුක සෛල සෑදීමක් සිදුවේ.සටහනේ පරිදි මේවා ශූක්‍රාණු හා ඩිම්බ වේ (G1) .ඒකගුණ ශූක්‍රාණු වල X හෝ Y යන වර්ණදේහයත්, ඒකගුණ ඩිම්බ වල X වර්ණදේහයත් පවතී.

ප්‍රජනනයේදී පිරිමියා සහ ගැහැණිය ගේ සංසර්ගය නිසා මෙම ඒක ගුණ ජන්මාණුක සෛල එකිනෙක සංසේචනය වේ.එමගින් දුහිතෘ ජීවියා හෙවත් ජනිතයන්ගේ ලිංග වර්ණදේහ යුගලය (F1) තීරණය වේ. එම ලිංග වර්ණදේහ යුගලය අනුව ස්ත්‍රී හෝ පුරුෂ භාවය තීරණය වේ.

ඉහත ප්‍රවේණික සටහනට අනුව තවත් කරුණක් සනාථ කරගත හැකිය. ඕනෑම සරු ප්‍රජනනයකින් ජනිතයන් වශයෙන් ස්ත්‍රී හෝ පුරුෂ ජීවීන් ඇතිවීමේ සම්භාවිතාවය 50% ක් වේ.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය ( klinefelter Syndrome ) යනු, ප්‍රවේණික විද්‍යාවට අනුව ව්කෘතියක් වේ. විකෘතියක් යනු, වර්ණදේහ වල සහ DNA වල පවතින ජාන වල ඇතිවන වෙනස් වීමකි.මෙම විකෘති ප්‍රධාන කොටස් දෙකකි.

1. ජාන විකෘති
2. වර්ණදේහ විකෘති

වර්ණදේහ විකෘති යනු,වර්ණදේහ වල ව්‍යුහය හෝ වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා ඇතිවන විකෘතීන් වේ.

වර්ණදේහ විකෘති ප්‍රධාන කොටස් දෙකකි ,

• වර්ණදේහ වල ව්‍යුහය වෙනස් වීම නිසා ඇතිවන ව්කෘති

වර්ණදේහ වල දර්ශීය ව්‍යුහය විවිධ හේතූන් මත වෙනස් වීම නිසා මෙම තත්වය ඇතිවේ.

හිමෝෆීලියාව, රතු කොළ වර්ණාන්ධතාවය, නිල් රතු වර්ණාන්ධතාවය, දෑකැති සෛල රක්තහීනතාවය

• වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා ඇතිවන ව්කෘති

සාමාන්‍යයෙන් මානව විශේෂයේ සෛලයක පවතින වර්ණදේහ සංඛ්‍යාවට වඩා වෙනස් වූ වර්ණදේහ සංඛ්‍යාවක් මෙම විකෘති තත්වය තුලදී පවතී .

මෙවැනි ප්‍රධාන අවස්ථා 03 කි,

• ඩවුන් සහලක්ෂණය
වර්ණදේහ 47 ක් මෙවැනි ජීවීන් තුළ සෛලයක පවතී .

• ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය
වර්ණදේහ 47 ක් මෙවැනි සෛල තුළ පවතී.

• ටර්නර් සහලක්ෂණය
වර්ණදේහ 45 ක් මෙවැනි ජීවීන් තුලැති සෛල තුළ පවතී.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය ( klinefelter Syndrome ) පිළිබඳව සැලකීමේදී , එවැනි පුද්ගලයින්ගේ ලිංග වර්ණදේහයන්ගේ ත්‍රීගුණකතාවයක් ඇතිවේ. එනම්, ඔවුන්ගේ ලිංග වර්ණදේහයන් XXY ලෙසට නිරූපණය කල හැකිය. එම අවස්ථාව ඇතිවන ආකාරය සරු ප්‍රජනනයක් ලෙසට පහත ප්‍රවේණික රූපසටහන අනුව ඉදිරිපත් කරමු.

මුල් ප්‍රවේණික සටහනේ ආකාරයටම මෙහිදීත් නිවැරදි ලිංගික වර්ණදේහ සහිත ජනකයන් (P1) ඔස්සේ සරු ප්‍රජනනයක් වී ඇත. නමුත්, මාතෘ ලිංගික සෛල විභාජනය සිදුවන විට ඒක ගුණ ඩිම්බයක් නොව ද්වීගුණ ඩිම්බයක් සෑදීම සිදුවී ඇත(G1) .එය XX නම් ද්වීගුණ ජන්මාණුක සෛලයයි. පිතෘ ලිංගික වර්ණදේහ නිවැරදිව විභාජනය වී X හෝ Y යන ශූක්‍රාණු සෑදී ඇත.ඉන්පසුව සංසර්ගයකදී මෙම ශූක්‍රාණු හා ඩිම්බ සංසේචනය වී ජනිත ජීවීන් හෙවත් දුහිතෘ ජීවීන් (F1) සාද‍යි.

මෙහිදී එක් දුහිතෘ ජීවියෙක් XXX යන ලිංග වර්ණදේහ සහිත වේ. ඔහුගේ සියළුම ලිංග වර්ණදේහ X නිසා එම ජනකයා ස්ත්‍රී වේ . ඇයට උපතින්ම ස්ත්‍රී ලිංගේන්ද්‍ර උරුම වන අතර ද්වීතියික ලිංගික ලක්ෂණ පෙන්නුම් කරන කාලයේදී ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ පෙන්නුම් කරයි.ඇයට සරු ප්‍රජනක හැකියාවක් ද පවතී.වර්ධනය වූ ප්‍රජනක පද්ධතියක් පැවතීම හා ප්‍රජනක හැකියාවන්ගෙන් සරු වීම නිසා අනාගත ප්‍රජනක කටයුතු සදහා දායක වී වර්ගයා බෝ කල හැකිය.

අනෙක් දුහිතෘ ජීවියා හෙවත් අනෙක් ජනිතයා ගේ ලිංගික වර්ණදේහ ත්‍රිත්වය වන්නේ ,XXY වේ. එනම්, මෙය ක්ලයිනෆෙල්ට් සහලක්ෂණ ( Klinofelter syndrome ) තත්වයයි. Y වර්ණදේහයක් පැවතීම නිසා උපතේදී පුරුෂ ලිංගේන්ද්‍රයක් සහිතවේ. නමුත් , ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමේදී XX වර්ණදේහ යුගලක් පැවතීම නිසා ඔවුන්ගේ ප්‍රමුඛ වන්නේ ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමයි.එහිදී ඔවුන්ගේ සිතුවිලි අනුව ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කරයි.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය සහිත සංක්‍රාන්තික ලිංගික පුද්ගලයෙකුගේ සෛලයක අලිංගික වර්ණදේහ යුගල 22 හා ත්‍රීදේහ වූ ලිංගික වර්ණදේහ පවතින ආකාරය රූපීය වශයෙන් පහතින් දක්වා ඇත.

klinefelter-syndrome-karyotype

මෙවැනි ලක්ෂණයන් ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය සහිත ජනිතයන් තුලින් පෙන්නුම් කරයි.

• මානසික ස්වාභාවය හා චර්‍යාත්මක හැසිරීම ස්ත්‍රී ස්වරූපයක් ගැනීම.

• උපතින්ම හිමිවූ ශිශ්නය තවදුරටත් වර්ධනය නොවීම සහ වෘෂණ , පුරස්ථි ග්‍රන්ථි ආදිය කුඩාවට පිහිටීම.

• ද්වීතියික ලිංගික ලක්ෂණයක් ලෙසට වෘෂණ තුළ ශූක්‍රාණු නිපදවීමක් සිදුනොවීම.

• තමන් ලිංගික වශයෙන් පුරුෂ වුවත් විරුද්ධ ලිංගික වශයෙන් තවත් පුරුෂයෙක් කෙරේ ආකර්ෂණයක් ඇතිවීම.

• යොවුන් වියේදී දැලි රැවුල නොපැමිණීම සහ රළු කටහඩක් නොව සුමට කටහඩක් පැවතීම .

• ස්ත්‍රීන්ගේ මෙන් උකුල තරමක් පුළුල් වීම.

• පියයුරු තරමක් ව්ශාල වීම සහ ශරීරයේ පවතින රෝම අඩුවෙන් පිහිටීම .

මෙම පුද්ගලයින්ගේ ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවුවත් ,ඔවුන්ගේ උපතින්ම හිමිවී ඇත්තේ පුරුෂ ප්‍රජනක පද්ධතියක් වේ. එහි වෘෂණ, වෘෂණ කෝෂ, පුරස්ථි ග්‍රන්ථය, ශූක්‍ර ආශයිකා හා වර්ධනය නොවූ වූ ශිශ්නයක් දරයි.

KLINOFELTER SYNDROME

ඉහත රූප සටහන මගින් ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය ( klinefelter Syndrome ) රූපීයව නිරූපණය කරන ආකාරය පෙන්නුම් කරයි.

ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවුවත් මොවුන් තුල ගර්භාෂය, පැලෝපීය නාල, ඩිමබ කෝෂ, ගැබ් ගෙල හා යෝනි මාර්ගයක් නොපවතී. එමනිසා සංක්‍රාන්තික ලිංගිකයින් සරු ජනකයන් නොවේ. එනම්, ඔවුන්ගෙන් සරු ප්‍රජනනයක් සිදුකර වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නොමැත.

මෙම ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය සහිත පුද්ගලයන් වෛද්‍ය නිර්දේශය මත විවිධ හෝමෝනමය ප්‍රතිකාර ක්‍රම මගින් සහ ශල්‍යකර්මයන් මගින් තමන්ගේ ශරීරය තමන්ගේ සිතුවිලි වලට ගැලපෙන පරිදි නිසි තත්වයට පත්කර ගැනීමක් සිදුකරයි. එය දැනට සාර්ථක අයුරින් ශ්‍රීලංකාව තුළ හා අනෙක් රටවල් තුලද සිදුවේ.

ශ්‍රීලංකාව තුල ඔබ තරමක් හෝ දැක ඇති තවත් සහලක්ෂණ ( Syndrome ) තත්වයක් වන්නේ ඩවුන් සහලක්ෂණය ( Down Syndrome )යි. එහිදී සිදුවන්නේ මානව විශේෂයේ විශාලත්වයත් අනුව 21 වන අලිංග වර්ණදේහයේ ත්‍රීගුණකතාවයක් වේ.

එවැනි ඩවුන් සහලක්ෂණය සහිත දරුවන් අනෙක් දරුවන්ට සාපේක්ෂව වෙනස් කායික මෙන්ම මානසික ස්වාභාවයක් ගනී. ඒ පිළිබඳව තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

ukh6ppfgtj3y

මෙම රූපයෙන් දැක්වෙන්නේ ඩවුන් සහලක්ෂණය සහිත දරුවෙක් ය.

ලිංගත්වය යනු, අප සමාජය තුලදී හදුනා ගන්නාවූ එක්තරා මිනුමක් පමණි . එමගින් පුද්ගලයෙකු මැනීම සිදුකල නොහැකිය. ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය යනු, තවත් එක්තරා රෝගයක් ද නොවේ, එය ප්‍රවේණික විපර්‍යාසයක් පමණි.

ක්ලයිනෆෙල්ට් සහලක්ෂණය පවතින සංක්‍රාන්තික ලිංගිකයින් ද උසස් ලෙස ඉගනීම් කටයුතු කරමින් යහපත් හා වැදගත් රැකියා වල නිරත වී වැදගත් පවුල් ජීවිතද ගත කරයි. එවැනි සාර්ථක ජීවිත ගත කරන සංක්‍රාන්තික ලිංගිකයින් ශ්‍රීලංකාව තුල මෙන්ම වෙනත් රටවලද සිටියි, අවශ්‍ය නම් ඔවුන් පිළිබඳව තොරතුරු අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් ඔබට ලබාගත හැකිය.

පුරුෂ , ස්ත්‍රී මෙන්ම සංක්‍රාන්තික ලිංගිකයින් යනු තවත් එක් ලිංගික කොටසක් පමණි . සමාජය තුල කිසිදු හෝ ලිංගත්වයකට උසස් ලෙස හෝ අවමන් ලෙස සැලකිය යුතු නොවේ. සමාජයේ සමානාත්මතාවය යනු, එහි ශිෂ්ටසම්පන්න භාවයේ හොදම මිනුමයි.
D.H.S.L
Facebook ඔස්සේ නවතම ලිපි පරිශීලනය කිරීම සදහා ” දිනපොත – DIARY ” පිටුව සමග මෙතනින්( ©©©©© ) එකතු වන්න.

PicsArt_10-27-11.32.07

3 thoughts on “සංක්‍රාන්තික ලිංගිකත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න